Saturday, June 26, 2010
අතුරුදහන් වී ඇත.......

එක්නැලිගොඩ සිංහල
සත්‍යසීලන් දෙමළ
මානුෂීය මෙහෙයුමෙන්
බොහෝ කලකට පස්සෙත්
ආ ගිය අතක් නැත....?
බොහෝ පිරිසක් .....!!!
මව්පියන් හෝ බිරිඳ දරුවන්
නෑසියන් මිතුරන් නැතොත් .....
ලෙයින් බැඳුනද .........
එසේ නොමැතිද.........
කවුරු හෝ එකෙකුන් ..... !!!
උනුන් එනතුරු
මග බලා ඇත....?
මව් සෙනෙහෙ නම් ...
දැවෙයි ගින්නෙන්
දරා ගන්නට........
දරු දුක........!!!
හඩා සමුදුරු ගනන් කඳුලින් ........
වාව ගනු බැරි
දරු දුක........!!!
බෝසතුන් උපදින්න කලියෙන්
ඛෙත්ලෙහෙම හටගන්න කලියෙන්
සියළු දෙවිවරු එන්න කලියෙන්
තිබූ දරු සෙනෙහස දරා ගෙන ........!!!
තවම ඇත.........මහ මග බලාගෙන........!!!
පටාචාරාගේ
මන්ත්‍රී දේවිගේ
වික්ෂෝපමාතාවගේද දුකගෙන........
තවම ඇත....මහ මග බලාගෙන........!
දකින්නට දූපුතුන් මුහුණත ........
කොහෙන් හෝ මතුවී
එතැයි........!!!
ලොවෙහි කොතැනක
වුවද එහෙමය.
දරු දුක........!
ඉතින් සිංහල
දෙමළ ගැන ඇති
කතා කුමටද?
පටාචාර අඩන්නත් පෙර
අම්මලා වැලපුනා දෙයියෝ........!
පතා බුදුබව නොදුන් දරුවන්
නොදැක ඉවසනු හැකිද දෙයියෝ........!
අවිගත් පාබල සෙනග මහත්තු
රජු මැති පිරිවර සමග උගත්තු
මහනාහිමිවරු පූජක ඇත්තු
මෙපුරෙහි කෝ ...?සංවේදී සත්තු .......?
දයා නෙත්තසිංහ
Friday, June 18, 2010
Thursday, June 17, 2010
සෛල යනු කුමක්ද?

මේ
පෘථිවි ගෝලයේ
නාඳුනන
වැඩ කරන මිනිසුන්ගේ
ශ්‍රමය තැන්පත්ව ඇත.
මගේ හැම
සෛලයක.........!
මා
සෛල
කෝටි ගණනක නිමැවුමකි.........!
මගේ ඇඳුමේ
සියුම් හුයකද
තියුණු ඉදිකටු තුඩක මුදුනද
සහල් ඇටයක
තිරිඟු ඇටයක
බෙහෙත් පෙත්තක
කිමිද බැලුවද
ඇසට නොපෙනෙන
සත්යනයක් ඇත.
එකෙක් වෙනුවෙන්
ලොවක් වෙහෙසෙයි.........!
මගේ දැනුමෙහි
කොටස් කරුවෝ
වසර මිලියන
ගණන් පැරණිය.........!
ඔවුන්ගෙන් ඇති
නෑ කමක්
ඔවුන් හට ඇති
නෑ කමක්
මුහුදු සමුදුරු මහාද්වීපද
කොදෙව් දූපත් වලින් සිරකර
දේශ සීමා
වැටකඩොලු බැඳ
කඩා බිඳ සුනු විසුනු කර ඇත.........!
කව්රුන්ද ඒ
කාගේ ක්ර මයද ඒ.........?
මා සෛල
කෝටි ගණනක නිමැවුමකි.........!
මිනිස් පවුලේ
සාමාජිකයෙක්මි.........
යළිත් කියන්නෙමි
එකෙකු වෙනුවෙන්
ලොවක් වෙහෙසෙයි.........?
මිලක් නියම කළේ
කව්රුන්ද එයට.........
අලෙවි කරන්නේ
කව්රුන්ද එය.........
සමාගම් රුසක
පාරිභෝගිකයා කළේ
කව්රුන්ද
මම.........
මා සෛල කෝටි ගණනක
නිමැවුමකි.........!
එහෙත්
මා
ඇමීබාවා කළේ කව්රුන්ද.........!
යළිත් කියන්නෙමි.........
එකෙකු වෙනුවෙන්
ලොවක් වෙහෙසෙයි.........!
ඉතිං මිතුරණි.........
එකා සැමටත්
සැම එකාටත්
අයිති
පෘථිවිය
සොයාගමු අපි ......!
දේශප්‍රේමී ඇමීබාවෙකු
නොකරන්න
මම.........!
මිනිස් පවුලේ
සහෝදරත්වය
දෙන්න මට.........
- දයා නෙත්තසිංහ
Sunday, June 6, 2010
Thursday, June 3, 2010
Techno Social System....
නව මිනිසා හමුවීම
සාමාන්‍ය... මිනිහෙක්... තමන් එක්ක ඉන්න අනිකුත් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්, ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වැඩි යමක් ලබා දෙනවා නම් එතැනින් තමයි නව මිනිසා බිහිවීම පටන් ගන්නේ සාමාන්‍ය මිනිහෙකුට වඩා යමක් දීමට හැකි එහෙම කෙනෙකුටයි. එයා තමන්ගේ වෙහෙසකර බව අමතක කරමින් මමත්වය ඉවත ඇද දමන කොට... අන්න එතකොටයි ඔහෙලට නව මිනිසා මුණ ගැහෙන්නේ......
(උපුටා ගැනීම)
කන්දෙන් නැගුණු ගින්දර
සිතිජය මාධ්‍ය සංසදය
(උපුටා ගැනීම)
කන්දෙන් නැගුණු ගින්දර
සිතිජය මාධ්‍ය සංසදය
ඉරුනු කබාය ගැන ගයමි
අපගේ කබාය දිරා ගිය විට
ඔබ දිව එයි අප වෙත
මෙය ඉවසිය නොහැකිය
ඔබට හැම ආධාරයක්ම ලැබිය යුතුය
හාම්පුතා වෙත දිව යන ඔබ
ඉක්මනින් නැවත එයි ආඩම්බරයෙන්
දිනාගත් දෙය අප වෙත රැගෙන
හීතලෙන් වෙවුලන අපගේ
කබායට අණ්ඩ දමා ඇත
කුසගින්නේ අප හඬනා විට
ඔබ දිව එයි අප වෙත
මෙය ඉවසිය නොහැකිය
ඔබට හැම ආධාරයක්ම ලැබිය යුතුය
අප බඩගින්නේ හිඳිනාවිට
ඔබ දිවයයි හාම්පුතා වෙත
ආඩම්බරයෙන් නැවතත් එයි ඔබ
පාන් කැබැල්ලක් අරගෙන
කබායට අණ්ඩ දැමිය හැකිය
නමුත්, මුළු කබායම දිරාපත්ව ඇත
පාන් කැබැල්ලක් අපට දෙන විට
පාන් ගෙඩියම කා සතුවේද
අණ්ඩ දැමීම අපට එපා
පාන් කෑලි අපට එපා
අපට ඕනෑ කබායක්ම
අපට ඕනෑ පාන් ගෙඩිය
රස්සාවට වැඩිය දෙයක් අපට ඕනෑ
පැක්ටේරිය විතරක් නොව
මුළු රටේම පාලනයත් අපට ඕනෑ
අපට උවමනා කිසිවක්
ඉන් මෙපිටට නැත
එහෙත් කුමක්ද මාව රැගෙන එන්නේ
පීඩිත වු අප වෙත
BERTOLT BEECHT නම් ජර්මානු කවියා ලිවු SONG OF THE PAICH AND THE OVERCOAT නම් කවියේ පරිවර්තනයකි.
ඔබ දිව එයි අප වෙත
මෙය ඉවසිය නොහැකිය
ඔබට හැම ආධාරයක්ම ලැබිය යුතුය
හාම්පුතා වෙත දිව යන ඔබ
ඉක්මනින් නැවත එයි ආඩම්බරයෙන්
දිනාගත් දෙය අප වෙත රැගෙන
හීතලෙන් වෙවුලන අපගේ
කබායට අණ්ඩ දමා ඇත
කුසගින්නේ අප හඬනා විට
ඔබ දිව එයි අප වෙත
මෙය ඉවසිය නොහැකිය
ඔබට හැම ආධාරයක්ම ලැබිය යුතුය
අප බඩගින්නේ හිඳිනාවිට
ඔබ දිවයයි හාම්පුතා වෙත
ආඩම්බරයෙන් නැවතත් එයි ඔබ
පාන් කැබැල්ලක් අරගෙන
කබායට අණ්ඩ දැමිය හැකිය
නමුත්, මුළු කබායම දිරාපත්ව ඇත
පාන් කැබැල්ලක් අපට දෙන විට
පාන් ගෙඩියම කා සතුවේද
අණ්ඩ දැමීම අපට එපා
පාන් කෑලි අපට එපා
අපට ඕනෑ කබායක්ම
අපට ඕනෑ පාන් ගෙඩිය
රස්සාවට වැඩිය දෙයක් අපට ඕනෑ
පැක්ටේරිය විතරක් නොව
මුළු රටේම පාලනයත් අපට ඕනෑ
අපට උවමනා කිසිවක්
ඉන් මෙපිටට නැත
එහෙත් කුමක්ද මාව රැගෙන එන්නේ
පීඩිත වු අප වෙත
BERTOLT BEECHT නම් ජර්මානු කවියා ලිවු SONG OF THE PAICH AND THE OVERCOAT නම් කවියේ පරිවර්තනයකි.
ඉතිහාසයේ රෝදය කැරකෙනු ඇත. මර්ධනකාරී කටයුතු වලින් බන්ධනාගාර ගත කිරීමෙන් සහ එල්ලුම් ගසට නියම කිරීමෙන් ආදී කිසිදු බාධාවකින් මේ රෝදයේ කැරකීම නවතාලිය නොහැකි ය. ඉතිහාසයේ මේ රෝදයේ කැරකීම කිසිදු බලවේගයකට නවතාලිය නොහැක්කේ ය. එය අදත් හෙටත් මතුවටත් කොමියුනිස්ට් ක්රසමයේ අවසාන ජයග්රිහණය දක්වා කැරකෙනු නියතය.
ජෝර්ජ් දම්ත්‍රොව්
1935 දී
ලිප්සිග් උසාවියේ දී.
ජෝර්ජ් දම්ත්‍රොව්
1935 දී
ලිප්සිග් උසාවියේ දී.
සංවේදී කලාකරුවන්ට මැක්සිම් ගෝර්කිගෙන්
මම ජීවිතයේ අඳුරු පත්ලෙහි සිට පැමිණියෙක්මි. මාගේ හඬ ඒ අඳුරු පත්ලෙහි දුගී දුකෙන් පෙළෙන මනුෂ්යැයන් විසින් නඟන ලද අදෝනාවේ දෝංකාරයයි. මම ඔවුන් විදින දුක ලෝකයාට කියා පෑම පිණිස ඔවුන් විසින් එවන ලද සාක්ෂිකරුවෙක්මි. ජීවිතය පිළිබඳ සත්යකය සොයා පසක් කිරීමට අවශ්ය ශක්තිය ලබාගත හැක්කේ මනුෂ්යියාට දක්වන අපිරිමිත සෙනෙහසින් පමණි.
Subscribe to:
Posts (Atom)






