Sunday, July 18, 2010

ලාබෙට තිබේ මෙහි ඇවිලෙන්න ඉන්ධන




දු පුතුන් සිය ගණන්
මව්පියන් එනතුරා
මව්පියන් සිය ගණන්
දු පුතුන් එන තුරා
සුරලොවින් හෝ බැස
කඳවුරු තුළම
ගාල් වී සිටිති

ලාබෙට තිබේ මෙහි
ඇවිලෙන්න
ඉන්ධන....
මකරාගේ කටින් මිදී
තව්තිසාවට ආවෙමු
කඳවුරේ (ගවහලේ) හිඳ
හිනෙන් දකිමු කල්ප වෘක්ෂය

ප්රෙශ්න කිරීමට රැගෙන ගිය වුන්
ස්වර්ගයට ගියාදෝ වේලාසනින්
තවත් ලාබෙට
ඉන්ධන මොටද...?
නිවුණු රණ බිමසෙබල මුළු ඇත
නරුම ප්රණජාතන්ත්රැ වාදයේ
අඳුරු නීතිය රකින

ඇමතිවරු සැපත්වී
දැකබලායති
හීලෑ කළ සතුන් යැයි
සිතාගනු යහපති

බඩ දරු අම්මලාද
කිරි උරන පැටවුන්ද
බඩ සායින් පෙලෙති

ඉන්ධන තිබේ මෙහි
ලාබෙට
ඇවිලෙන්න

ප්රලත්යෙන්ත ජනපදවල
වෙසෙන ජනයින්ද
සිතනවා ඇත
අහා...!
උතුරට වසන්තය ඇවිත්
සියල්ල නිවැරදිව ඉටුවෙතැයි

එසේ වී නැත
සහෝදරවරුනි,
ස්පාටකස් මෙන්
ඇවිලෙන්න වෙයි අපට
අපි පෙළන
අත්තිවාරම සොයා ගෙන
ගැඹුරට

දයා නෙත්තසිංහ

මේක රංගනයක් නම්
දවස් තුනට මගේ
බර කිලෝ තුනක් අඩුවේද
- විමල්

"දෙබෙඩිතරකම"


මැදමුලනේ වරම අරගෙන තුම්මුල්ලේ
නැටු තොවිලයේ විලක්කු දැන් නිවිලාය
හතරෙන් තුනහමාරක් අපි දිනුවාය
මුන්ටත් ආතතිය හැදුවා අපි ඔන්න

මානෙල් මල් පළඳවාපු රණවිරුවෝ
තුම්මුල්ලේදි පගාකාරයෝ නොවේද
ඉරා කෝටි තොප්පිය ගලවා උදුරා
එළියට ගන්න හැදුවේ දේශමාමකයා

කැමැත්තෙන් මැරෙන්න යන මිනිහට
ආසිරිවාද කර ගැට ගැසුවා කඹයක්
මැදමුලනෙයි තුම්මුල්ලෙයි සුත්තරේ
පාත්තරෙත් එල්ලුණු හැටි මගේ සන්තෝ

එක්කෝ සටන දිනනෙමි නැතිනම් මැරෙමි
''දෙබිඩිතරකමට'' සුවපහසුව ඇති යහනේ සැතපීලා
රෑට රෑට පොඩි බඩගින්නට කෑවා
එළිබහින්න ගිහිං ජංගම වැසිකිළියේ

පිටපතේ බොහෝ දොස් පෙනුනා එළියට
අංග රචනයේ දුර්වල කම් එමට‍
අධ්යරක්ෂණය නැතිවාගෙයි පළපුරුදු
''දෙබිඩ්ඩෝ'' බලන්නට හැකයි ඉදිරියටත්

උපවාසෙට මං යන කොට තුම්මුල්ලේ
බරත් කිරා ගෙන මං උස මැන ගත්තා
උපවාසෙන් බැස එන කොට තුම්මුල්ලේ
කිලෝ තුනක් අගල් එකක් බැස තිබුනා

අය වැය තිබේ අයි එම් එෆ් සහවාසේ
පැන් සාත්තුවෙන් අවසන් විය සුවාසේ
මාර අන්තිකයි ජනයට රටේම
අඞාපල්ලා හිනාවෙන්න බැරිනම් කිතිකවාගෙන


රංචාගොඩ
''මස් හිනා''
දයා නෙත්තසිංහ

Monday, July 5, 2010

Can you tell me what a cell is?


What is a living cell ?
If one questioned
The labour of men unknown in this wide world
Is embedded in each and every cell in you

In a fine tread of your costume
In a fine needle point so fine
Not visible to the naked eye
Blotted and blurred
Bears a deep meaning
That for a single head
They are shedding sweat and tears unseen

If I tell you what a cell is
Yours boundless knowledge
Is a stream of participants
For a endless millions of years past

If you ask what a cell is
In places of unknowns lands
Even now and in the past
The labour of working men
In embedded in each cell of yours

Same as giant Atlas
Who bears the weight of the world
Men who shed their sweat
For the well being of others
Is nothing but a cell nature

Those who shed their sweat and tears not seen by anyone
For your well being
Can you value thankfully
Just for a moment

To those who work for you
What do you donate for
At least a thankful tear
Do you shed for their sweat
Can you tell me what a cell is?
- Daya Nettasinghe

Friday, July 2, 2010