Tuesday, February 15, 2011

අම්බුළුවාවේ මනමාළයාට



''සැප විඳින්ට ඕනෑනම් දුක් විඳින්න - ඒ නිසා ගං වතුර ගැලුවට, බඩු මිළ ඉහල ගියාට කමක් නෑ. අටලෝ දහමට අනුව කල්පනා කරන්න. සිදුහත් කුමාරයා මාස හයක් දුක් වින්ඳා. ඊට පස්සේ සදාකාලික සැප ලැබුවා''
- අගමැති බණ කියයි.


පවුල් ගහට පිටදීගෙන බුදු වෙන්න
අවුල් නැතිව පිං ඇති තනතුරු ගන්න
රැවුල් කපාගෙන ලුණු කැඳ බී ගන්න
වවුල් පිං පියාගෙන් බණ අහගන්න

උද්ධමනේ බඩුමිළ විරැකියාව
කරුමය තමයි නැත එහි මාෆියාව
අසිරිය මවන්නට නම් ආසියාව
ගෙදරින් පටන් ගනු දුෂ්කර ක්‍රියාව

මන්තරේ රහ‍ට බුදුබණ උයා පිහා
ගින්දරේ සිටින ජනයට බෙදා පියා
තනතුරේ සැපට වැඳ වැඳ අනාතයා
අන්දරේ තමයි ගම්පොළ පණික්කියා

දං කොඩ උනත් සැප යැයි දිය වන්නාවේ
කං කොට බූරුවා සබයට ඇන්නෑවේ
පිං පොත පෙර‍ලගෙන අම්බුළුවාවාවේ
අං ගොඩ යන්න පිං ඇති අම්බිලි මාමේ.

- සැකකාරයා

Saturday, February 5, 2011

වානේ බඩු







"ඊ නිවුස් කාර්යාලය ගිනි ගැනීම."
යට ඇඳුම් උපත් පාලන කොපු මත්පැන් බෝතල්
ඊ නිවුස් කාර්යාලයෙන් සොයා ගනී.
- දිනමිණ -



ගිණි ගැනුණි මෙවලම්
අළු නොවිණි සරදම්
රෙදි නැතිව පන්දම්
බෙරේ ගෙදරින් නැගෙන අන්දම්

රජුගේ දුකට පුං අල්ලන මෝචපාල
හීනෙන් දකින පුවතකි විළි නැති බාල
ඉතිරිව යට ඇඳුම් කොන්ඩම් රට බීම
අලුගොඩවල් තුලින් මතුවීමය පුදුම

අසිරිය ඇති රටේ ඒකත් එහෙම උනී
ජංගි යකඩ කොන්ඩම් වානෙන් තැනුනී
උලා කා මකරු පිරුවට තුල එතුනී
''බාල ගිරි'' දොසම නීතියටත් හැදුනී.

- සැකකාරයා