Thursday, September 30, 2010
Sunday, September 26, 2010
Saturday, September 25, 2010
Saturday, September 18, 2010
හොර හරක් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කල මානුෂික මෙහෙයුමේදී කුඩා දරුවකු මියයයි. (පුවතක්)

මකරු කොටු නොවේ මහතුනි ඔය දැලට
දැලේ හිල් බොහොම ලොකුවට උන් සැමට
වැඩේ වැරදුනේ පැටියට සහ අපට
වටේ මුර දෙවියෝ "අපි වෙනුවෙන් අපිට"
රුවල් ඉරා කොඩි එසවුනි බේරුවල
වරල් නැති මාළු උතුරේ කලපුවල
බැරල් ගහනකොට පිම්බුනු කැව්තුවල
සුරල් රඟ දැනේ උනුදා ගෙවතුවල
බණේ අපටමයි උන්මයි බෝසත්තූ
වනේ අපිටමයි අපිමයි දුප්පත්තූ
සිව්මහ බඹුන්ගෙන් ලයිසන් ලැබගත්තූ
"කටපුංචෝ" ඉතිං ඉවරද වී පත්තූ
දයා නෙත්තසිංහ

"මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ, හැකි පුදුම සහගත උපමාවක් ඇත. එය මෙසේය. මාතෘත්වය අපේක්ෂා කරන රූසපුවෙන් අනූන කාන්තාවක් ඇගේ ශරීරය ලෝකාස්වාද, රතිය අපේක්ෂා කරන වුන්ට විකුණයි. අපේ පන්තියේ වර්තමාන කලාවට සිදුවී ඇත්තේද මෙවැන්නකි.
අපේ පන්තියේ වර්තමාන කලාව වෙසඟනකගේ තත්වයට පත්ව ඇත. මේ උපමාව සියළු අංගෝපාංගයන් අතින් ගැලපේ. ඒ ස්ත්‍රියට මෙන් ඒ කලාවටද කාල සීමාවක් නැත. ඇය මෙන්ම ඒ කලාවද නිරන්තරයෙන් අලංකරණයෙන් විභූෂිතය. ඇය මෙන් ඒ කලාවද හැම කල්හී විකිණීමට සැදී පැහැදී සිටී. ඇය මෙන් ඒ කලාවද අනුන් පොළඹවන සුළුය. විනාශකාරීය.
සැබෑ කලාව නම් සෙනෙහෙබර හිමියකුගේ බිරියකට මෙන් අබරණ අවශ්‍ය නැත. එහෙත් ව්‍යාජ කලාවට වෙසඟනකට මෙන් සැරසිලි අවශ්‍යය.
ලියෝ ටෝල්ස්ටෝයි ( කලාව යනු කුමක්ද ? 216 පිටුව.)
කරුණාකර සම්පූර්ණ කෘතිය කියවන්න.

"මේ නව පරම්පරාව විසින් ඔවුන්ගේ පෙර ගමන් කරුවන් ආරම්භ කළ දේ නිමා කරනවා පමණක් නොවේ. ලෝක පීඩිත ජනතාවගේ සදාතනික සිහිනය උකහා ගනිමින් සධාරණත්වයේ සමාජවාදි මූලධර්ම මත ලෝකය යළි සකස් කිරීමේ කටයුත්ත ඔවුන් ඉදිරියට ගෙන යනු ඇත. අපේ පියවරුන් සටන් කලාට වඩා හොඳින් අපි සටන් කරන්නෙමු. අපිට වඩා හොඳින් අපගේ දරුවන් සටන් කරනු ඇතිවා පමණක් නොව ඔවුන් ජයග්රාොහී ද වනු ඇත."
වී. අයි. ලෙනින්.
Friday, September 17, 2010
Monday, September 6, 2010
මහා බලවත් බර අවි


ඒ9 පාර දිගේ
වැඩම කරවති
බුදුන්
විශාලා මහනුවරට........!
රන්සිවිගෙයක...........!!
සුනීත සෝපාක පටාචාරා
විතැන්කර ඇත.
ගාල්කර ඇත.
ගිනිදෙන තහඩු යට
තැන... තැන...
එහෙත් මේ ගල් මැටි පිළිම
විමුක්තිය කියන්නේ
නැත.....! නැත.....!
පිහිටක් වෙතොත්
ලේ නහර ඇති උන් මිසක්
ගල් ගඩොල් මැටි ගොඩවල්
සත්තකින්
තෝලර්..!
මියගිය තල් කඳන්.....!!!
නල්ලූල් කන්ද ස්වාමිට උනත්
විමුක්තිය කියන්නට බැරිය......
මරඳමඩු මෑණියන්ගේ උකුල
ලෙයින් පෙඟුණත්
කීවාද විමුක්තිය ගැන...??
තෝලර්.....!
වෙඩි උණ්ඩ වලටත් බැරිය
රළ ගසයි තවම ඒ.....
මහ කඳුළු සාගරය....!
නපුරට එරෙහිව කඩු මැද්ද
ගැලවුම්කාර
සරස්වතී ගණපති පිරිවරත්
මකරුන්ටම කපාදෙති තැඹීලි...! වෑවර...!
තෝලර්....!
පඳුරු යයි සිතූ තව බොහෝ දේ...
පිදුරුමය......!
දැං ඉතින් කල් ඇති
අශ්වයින්ටත්
අං තැබූ........!
උඩුවියන ඉර ඉරා........
අපේ අතපය බඳී
ඇස්වලට වැලි ගසයි....!
සත්තකින් අපේ මග අහුරයි.......!
වී කුරුළු පිරිවරට
දැළ එළා ඇත්නම්
අපේ අත්තටු පමණි
අපට සහතික!!!
තෝලර්....!
එක් ඉඩම් කැබැල්ලක පමණක්
සුර ලොවක් ඉදිකල හැකිද?
වසන්තය
දූපතක සිරකර තබනුද?
අපුල කරදිය බිබී
කළපු තරණය කර
ගිණි අගල් පසුකර
පෙළපාලියෙන් වගේ පැමිණි
නුඹලා නැවතුනේ කොතැනද?
තෝලර්
විමුක්තිය මැවිය හැකි
මස්තිෂ්ක.....
ස්වර්ගයෙහි යතුරු වැනි
අපේ දෑත....
මහා බලවත් බර අවිය............!
සත්තමයි තෝලර්.....!
ලෝකය අළුත් කල හැකිය...!
ලෝකය වෙනස් කල හැකිය.....!
දයා නෙත්තසිංහ
Wednesday, September 1, 2010
Subscribe to:
Posts (Atom)
