මේ.. කුණාටුව දුගී පැල්පත් සුනු විසුනු කර දමන්නට නොවේ.... දේපල ජීවිත හානි ඇතිකර පීඩිත ජනතාවම මහමගට හෝ සහන කඳවුරු වලට ගාල්කර දමන්නට නොවේ......
"කුණාටුව" ඇසූ සැනින් ඔබට සිහිවනු ඇත්තේ ඒ පැරණි අත්දැකීමයි.... මිහිතලය මත කොතනක වුවද එය එසේමය....
හමුදාව, පොලීසිය, උසාවිය, නීති පොත්.... ඇසූ සැනින් ඔබට සිහිවෙන යමක් තිබේනම්, එය මේ මිහිමත සියල්ලන්ටම එසේය.... පැරණි සමාජයේ සුන්බුන් වන්නේ ඒවාය.... අපි ඒ සුන්බුන් නොමැති ලෝකයක සිහින දකින්නෙමු.... සමාජ අසාධාරණය රකින අයුක්තියේ සුන්බුන් ඉවත් කල යුතුයැයි අපි ඔබට කියන්නේ මේ නිසාය. සිහිල් සුළඟකින්.... මුදු මද පවනකින් එය කළ හැකිද?
අපි "කුණාටුව" අරඹන්නේ ඒ මහා ගැඹුරු, දුෂ්කර කටුක, කාර්යයෙහි සයිබර් අවකාශයේ මෙහෙවර හඳුනා ගන්නටයි....
ඔබ එන්න... කමක් නැත... සිහිල් සුළඟක්ව.... මුදු මද පවනක්ව...එන්න....අපි එක්ව හමා යමු...
ඔබේ කවිය, අදහස, සංකල්පනාව...... නිසි තැනක තබන්නට කුණාටුවට හැකිය....ඉඩෝරය නිමාකර මහවැසි ගෙනෙන්නට..... සීතල සමකය උණුසුම් කරන්නට එක්වන්න... කුණාටුව සමග.....
No comments:
Post a Comment