
ගාලු කොටුව දැන් පෙම්වතුන්ට තහනම්ය...! (පුවතක්)
''ශුක්‍ර මෙහෙයුම''
කුඩේ යට ඉඳගෙන
අම්මපා ඇත්ත
කුමන්ත්‍රණ නොකළෙමු
ප්‍රභූ ඝාතන වලට...........!
පොලිසිය හමුදාව
සෝදිසි කලාට
සාක්කුවක වත්
තිබුණා ද බර අවියක්
උපත් පාලන කොපුවක්...........!
ඇවිත් ඉඳගතිමු කොටුවේ ගල්බැම්මේ
කුඩේ දිගැර සැඩබව මැකුවෙමු අව්වේ
මිමිනූ සිනිදු හාදුවකද කැත පෙනුනේ
හිටුවා පස්ගසන තරමට මද කිපුනේ....?
උක්ඳඩු දුනු නොවේ රයිපල් අතගත්තු
හමුදා පොලිස් බලඇණි දළ මැද ගත්තු
ඇණ ඇණ විමසමිනි ආගිය තැන තන්තූ
දඩුවම් කරනු යුතුවෙද මේ ලෙස අමුතූ...?
උරුමේ රුවට ජඩ බලුකම් නොකෙරුවෙමු
රෙදිගලවා තිරිහන්කම නොපෑවෙමු
අත අල්ලා සිපගත් බව කියන්නෙමූ
රෙදි ගලවනු එපා දෙපතුල වදින්නෙමූ.....!
කුඩේ යට පියුම දිගහැර දෙසිත්වල
හීන් ඉකිබිඳුම් මදහස් පවන්සල
කොටුවේ සදාචාරය රුවට ඔපකල
මහත්වරුණි "කැත" ඇත තොපේ හිත්වල....!
මහත්වරුණි අප දැක ධාතු පහඋනු
අපේ ඇස්වලින් පිටඋනේ කඳුලු උනු උනු
හාදුව, කුඩය, බෑගය ද නඩු බඩු උනු
සුදණෙනි බළනු නිදහස රටක වක උනු
- උකුස්සා -
No comments:
Post a Comment