
ප්‍රභාකරන්ගේ මව ආදාහනය කළ අළුගොඩ මත
වෙඩිතබා මරා දැමූ බලු කුණු තුනක්
- (බුදුන්ගේ දේශයෙන් වාර්තා වූ පුවතක්)
බණේ දන්න උන්ගෙන් වෙඩිකා මියගිය බල්ලා
තනේ කිරි දුන්නු මව්ගේ සොහොනේ දැප වෙම්මා
අනේ අළු නොවී නොමැරී සිටියේ නම් අම්මා
මරා දැමූ බල්ලන්ටත් සෙනෙහෙ උපදවන්නා
අනේ බණෙන් අළුයම අපි ඇහැරෙන්නේ
ගුණේ හොඳ පිරිත් පැණියෙන් නාවන්නේ
කොනේ දත් අතර බුදුරැස් හප වෙන්නේ
කුසේ දඩමසිනි හිස්තැන් පුරවන්නේ
මුහුද තරම් අම්මාවරු වැලපෙන්නේ
අහස තරම් ලේකිරිකර පුද දෙන්නේ
මහ පොළොවටත් වැඩියෙන් දුක් උහුලන්නේ
ඉතිං මළ කුණෙන් කෝමද පලිගන්නේ
සෙනේ ඇති වෙනස කෝමද වෙනම කිරා ගන්නේ
තනේ කිරි එකයි අම්මගෙ පැටව් උරා බොන්නේ
ගුණේ මව්සෙනේ ලය ලේ කිරට පෙරී එන්නේ
අනේ එහෙව් අම්මට දෝ මෙහෙම නිගා දෙන්නේ
පිණේ එකතුකර ඇත්තන් වනේ සැරිසරන්නේ
තුනේ පිටකයෙන් නිවනට පාර කපා ගන්නේ
කණේ ඇණ ඇණම බුදුබණ බොක්ක පුරෝ ගන්නේ
දෙණේ පළිගසන තිරිසන් රටකද අපි ඉන්නේ....?
- සැකකාරයා -
https://youtu.be/3DOqNTZAMH0
ReplyDeletedaya mama sujeewa mage me youtube chanl aka sub
ReplyDelete