
අල්ලපු රටේ කොටි කඳවුරු තුනක් පෙනී
ගම්පොල මාමා දඟලයි අමුඩයත් පෙඟී
හදිසි නීතියට නැතිකොට පොටක් හැඟී
වවාගෙන කන්න කොටි මයිලකුත් ගමී
කොළඹ වතු වලින් පන්නා නැති ඈයෝ
ගෙනමු රටවලින් කහවනු ඇති ඈයෝ
තුඹස මුදුන්කර බැඳ දුන්නද වේයෝ
බලන් දරණු ලාගති ආයෝජකයෝ
ඔන්න බලන් ගන්නට අපෙ දිවි නග්ගා
කන්න පොටක් පාදාගෙන උන් නැග්ගා
ණයෙන් - දඩෙන්, බද්දෙන් අපි දන ගස්සා
ගහෙන් වැටුන මුත් අනිනවා කිරි පුස්සා
වැල්ලේ ඉඩම් වැල්ලේ යන සුද්දන්ට
ගොල්ලේ ඉඩම් රජ පවුලේ කබ්බොන්ට
අල්ලේ ඉඩක් වත් නැති කොට පැළවෙන්ට
රැවුලේ වවා දෙන්නද බාගෙන කන්ට
"අපි වෙනුවෙන් අපි" ගෙව්වා අපා දනී
අපි වෙනුවෙන් තොපි කන්නට උපා දනී
අපි ලව්වා තොපි වැව්වා තොපා දනී
අපි ලෙව්වා තොපි කෑවා රටා දනී
- සැකකාරයා -
No comments:
Post a Comment