Thursday, May 13, 2010

සාමය.............. වෙනුවට................. වෛරය...............නිධන්කර තැබීමට ..............එරෙහිව...............

යුද්ධය අවසන් වී වසරක් ගෙවුනු තැන ආණ්ඩුව විජයග්ර.හණයේ පෙළපාලිය යමින් සිටී. සහෝදරත්වයේ ස්මාරක වෙනුවට රණවිරු ස්මාරක යාපනයේ නගරයක් නගරයක් පාසා ඉදිකර විවෘත කරයි. තලාපෙලා සුන්නද්ධූලි කරදැමු සතුරන්ට අයත් (ආණ්ඩුවට අනුව) සොහොන් කොත් ස්මාරක යකඩ ඇත්තු ලවා සුනුවිසුනු කර දමයි. ඉතිරි වු දෙමළ හදවත්වල කුමක් උපත ලබනු අත්ද?
යුධ විජයග්රකහණයේ ආතල් එක සිංහල සමාජයට සූප්පු කරන්නට දෙමින් දේශප්රේරමී තත් ටියුන්කරන්නටත් ඉන් ලබන සොමිය හරහා ආණ්ඩුවට එල්ලවන ජනතා විවේචන වලක්වා ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරයි. මානුෂීය මෙහෙයුමේදී පෝලිම්වල තෙරපෙමින් පැමිණි ලක්ෂ සංඛ්යා්ත දෙමළ වැසියන් විශාල පිරිසක් තවමත් අවතැන් කඳවුරු තුල සිටිති. තවත් පිරිසක් නැවත පදිංචි කිරීමේ තහඩු යට ගාල් කිරීමේ ක්රි්යාදාමය හරහා යළිත් අවතැන්කර සිටිති. සැකකරුවන් තවමත් සිරකුටිවල ගාල්කර සිටිති. මේ ව්යිසනයට ගොදුරු නොවී ඉතිරි වු යමෙක් සිටී නම් ඔහු හෝ ඇය වේදනාව පැසවන හදවතින් ‍යුතුව මේ සියල්ල දකිමින් සිටී. සත්තකින්ම ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද. ඔවුන් පරාජිතයන්ය. සිංහල සමාජය විජයග්ර්හණය කර ඇත. ආණ්ඩුව කල යුත්තේ මේ දෙපිරිසම එකම මාවතකට ගැනීමයි. කල යුත්තේ සහෝදරත්වයේ ස්මාරක ගොඩනැගීමයි. සහෝදරත්වයේ පෙළපාලි යාමයි. අහෝ සිදු වන්නේ අප තවත් දුරස් කිරීම සඳහා වන ඉන්ධන ආණ්ඩුව විසින් සැපයීමයි. යුද්ධය හමාර කල බිමක සාමය නිධන් කරනු වෙනුවට වෛරය පිරවීමට හිඩැසක් නිර්මාණය කරයි.
පොදු අපේක්ෂාව මෙයද? නිර්මාණය වීමට ඉඩදෙන අනාගතය කාටනම් සුභ වනු ඇත්ද? මහපාරේ ගිනිමොළවා ලේ ගලන කිරිබත පිසින්න රතිඤ්ඤා දල්වා මැරුණු හතුරාගේ සිරුරට යළිත් වෙඩි තබන්න. කොටින්ම කිවහොත් කොටි හමට යළිත් තඩිබාන්න.. ඔබ ආණ්ඩුවට අනුව නියම දේශප්රේලමියෙකි - ඔබ යාපනයට යන්නේ නම් සහෝදරත්වය රැගෙන යන්න. නැවත එන විට නියත ලෙසම ඔවුන්ගේ සහෝදරත්වය ඔබට තිළිණ කරනු ඇත. නමුදු ඔබ ආණ්ඩුවට අනුව දේශප්රේ මියෙක් නොවනු ඇත. ඇතැම්විට ඔබට දේශ‍ද්රෝුහි ලේබලය අලවනු ඇත. එහෙත්.. ඔබට ධෛර්යයක් තිබිය යුතුය. ''කරුණාකර මා දේශප්රේබමියෙකු නොකර මා මිනිසකු කරන්න'' මම මිනිසෙක් වෙමි.. යයි කියන්න....

No comments:

Post a Comment